ජපානයේ සිය විශාලතම බලාගාරය ඉදිකිරීමට නියමිත Kyocera


ජපානය කර්මාන්ත ක්ෂේත්රයේ තවත් පියවරක් ඉදිරියට තැබීමට සූදානම් වෙයි

.

කාබනික අර්ධ සන්නායක පැකේජ සහ ස්ඵටික උපාංග පැකේජ ඇතුළු සංරචක සඳහා නිෂ්පාදන ධාරිතාව පුළුල් කරමින් ජපානයේ මෙතෙක් ක්‍රියාත්මක කර ඇති විශාලතම නිෂ්පාදන පහසුකම ගොඩනැගීමේ සැලසුමක් Kyocera Corp විසින් නිවේදනය කර තිබේ. 

 

Kagoshima හි Sendai Plant Campus හි ඉදිකිරීම් ලබන මාසයේ ආරම්භ කිරීමට නියමිත අතර අප්‍රේල් 20 දින පැවති මෙහි අත්සන් කිරීමේ උත්සවයට  Kagoshima ආණ්ඩුකාර Koichi Shiota, Satsumasendai නගරයේ නගරාධිපති Ryoji Tanaka සහ Kyocera යන නිලධාරීන්  සහභාගී වී විය. 

 

Sendai Plant Campus හි කාබනික පැකේජ සඳහා නිෂ්පාදන ධාරිතාව 4.5 ගුණයකින් වැඩි කිරීම මෙන්ම ස්ඵටික උපාංග පැකේජ සඳහා ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් Kyocera විසින් 2023 ඔක්තෝම්බර් මාසයේදී මෙම වර්ධනය වන ප්‍රවණතා සඳහා නව පහසුකම විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

174 Views

Comments