නව නිමැවුමකින් පැමිණි Cola බෝතලය


චෙරි මල් සමය වෙනුවෙන් කෝලා බෝතල් එක නව ආරකින් එළි දකි.

.

ජපානයේ Coca-Cola සමාගම මීට පෙර ඔවුන්ගේ කලාත්මක කෑන් සහ බෝතල් නිර්මාණයේදී සීමිත සංස්කරණ මඟින් ජනතාව මවිතයට පත් කළාක් මෙන් මේ වසරේදීත් චෙරි මල් සමය සැමරීම සඳහා සෘතුමය මෝස්තර ඇතුළත් කරමින් ජපානයේ ඇතැම් ප්‍රදේශවලට උපහාර දැක්වීම සිදු කළේය. 

 

ඔවුන්ගේ නවතම බෝතල් ව්‍යාපාරය ජපානයේ ඔසාකා හි Universal Studios හි සුපර් Nintendo World අංශයෙන් ආභාෂය ලබා තිබේ. සාමාන්‍ය ප්ලාස්ටික් බෝතලයකට වඩා සිහින් ඇලුමිනියම් බෝතලයක් යොදාගෙන   පානයට වඩාත් සිනිඳු පෙනුමක් ලබා දෙමින් මෙය නිර්මාණය කොට තිබේ .

 

Super Nintendo World විවෘත කොට වසරක සංවත්සරය සැමරීම සඳහා බෝතලයේ සුමට මෝස්තරවලට මාරියෝ, පීච් කුමරියගේ බලකොටුව, Piranha පැලයක් සහ වඩාත් හඳුනාගත හැකි ක්‍රීඩා අංග ඇතුළත් වේ. වර්ග දෙකකින් සමන්විත මෙම බෝතල් අප්‍රේල් 25 දින සිට ජපානය පුරා විවිධ ස්ථානවලදි යෙන් 125 ක මිලකට අලෙවි කිරීමට නියමිතව ඇත .

Comments