ජපානයේ රෝගීන්ට ඖෂධවේදීන්ගෙන් ඔන්ලයින් උපදේශන


"මට දැන් පෝලිම් වල ඉන්න ඕනි නෑ"- 58 හැවිරිදි සයිතමා ප්‍රදේශයේ කාන්තාවක් පවසයි

.

රෝගීන්ට දැන් ජපානයේ ඖෂධවේදීන්ගේ සේවාව ඔන්ලයින් ලබා ගත හැක. මෙමගින් රෝගීන්ගේ ඖෂධ ලබා ගන්නා ආකාරය ආදී සියළුම දේවල් ගැන ඖෂධවේදීන්ගෙන් අසා ගැනීමට හැකියාව ලැබී ඇත. දැන් මෙම සේවාව ඉතා ජනප්‍රිය වෙමින් පවතින බව ඖෂධවේදීන් පවසයි.

ආතරයිටිස් රෝගයෙන් පෙලෙන 58 හැවිරිදි සයිතමා ප්‍රදේශයේ ජීවත් වන කාන්තාවක් පැවසුවේ දැන් ඇයට පෝලිම් වල රැඳී සිටිමින් නිකරුනේ කාලය ගත කිරීමට අවශ්‍ය නොවන බවයි.

මීට පෙර ඔන්ලයින් සේවාව ලබා දී ඇත්තේ පළමු පරීක්ෂාව ෆාමසියට ගොස් සිදු කර ඇත්නම් පමණි.කෙසේ වෙතත් මාර්තු මාසයේදී සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍යාංශය ඖෂධවේදියාගේ අනුමැතිය මත පදනම්ව මාර්ගගත උපදේශන සඳහා අවසර ලබා දුන්නේය.

139 Views

Comments