දෙවරක් තම මව් රටෙන් පලා ගොස් ජීවිතය බේරා ගත් තරුණිය


ජපාන රැකවරණය ලබන තවත් යුක්රේන තරුණියක්

.

යුක්‍රේනියානු කාන්තාවක් වන Yelyzaveta Korotkova රුසියාවේ ආක්‍රමණය නිසා දෙවන වරටත් තම මව් රටෙන් පලාවිත් මධ්‍යම ජපාන නගරයට පැමිණි අතර මීට පෙරදී රුසියාවේ පිටුබලය ලබන බෙදුම්වාදීන් සහ නැගෙනහිර යුක්‍රේනය අතර දිගුකාලීන ගැටුමක් හේතුවෙන් ඇය වරක් ඇගේ නිවසින් පලා විත් තිබේ. 

 

ඇගේ නවතම පලායාම දෙස ආපසු හැරී බලන විට Yelyzaveta, ශීතල මහල් නිවාස ගොඩනැගිල්ලක බිම් මහලක ගත කළ දින පිළිබඳව විස්තර කළ අතර, යුක්‍රේනයේ සහ මව්බිමේ සිටින ඇගේ පවුල පිළිබඳවත‍් සිතුවිලි බෙදා ගත්තාය.

 

22 හැවිරිදි Yelyzaveta යුක්‍රේනයේ අගනුවර වන  Kyiv වලට වයඹ දෙසින් පිහිටි Irpin හි ජීවත් වි තිබේ. ඇය උපාධි පාසලට යන අතරතුර රූපලාවන්‍ය නිෂ්පාදන සහ වෙනත් භාණ්ඩ නිර්මාණය කළාය. 

 

මාර්තු 26 වෙනිදා, ඇය භාෂා හුවමාරු යෙදුමකින් හමු වූ 24 හැවිරිදි ජපන් ජාතිකයෙකුගේ උපකාරයෙන් Nagoya වෙත තනිවම පැමිණියද ජපානයට පැමිණි පසු ඇයට සහනයක් දැනුණත් ඒ සමඟම රැකියාව අහිමි වීමත් පවුලේ අයගෙන් වෙන්වීමත් ඇගේ සිතට කාන්සාවක් වි ඇති බව ඇය ප්‍රකාශ කළාය

92 Views

Comments