දශක පූර්ණ රිය අනතුරේ අනුස්මරණය


මාරක රිය අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ අනුස්මරණය සිදු කෙරෙයි

.

2012 අප්‍රේල් 23 වන දින Kyoto ප්‍රාන්තයේ Kameoka හි මෝටර් රථයක් ගැටීමෙන් මිය ගිය ප්‍රාථමික පාසලේ ළමුන් සහ වැඩිහිටියන් පිරිස අතර වූ දරුවන් දෙදෙනෙකුගේ සහ ගැබිනි කාන්තාවකගේ ඥාතීන් විසින් 2022 අප්‍රේල් 23 දින එනම් සෙනසුරාදා දින අනතුර 

සිදුවූ ස්ථානයට රැස්ව ඔවුන් සිහි කිරීම වෙනුවෙන් යාඥා කිරීමට සහ මල් තැබීමට කටයුතු කර තිබේ. 

 

පෙරවරු 8 ට පමණ සිදුවූ මෙම අනතුරින් දරුවන් පාසලට රැගෙන යමින් සිටි 26 හැවිරිදි Yukihi Matsumura නමැති සත්මස් ගැබිණිය , 8 හැවිරිදි Nao Yokoyama සහ 7 හැවිරිදි Mao Odani යන අය මියගොස් ඇති අතර Yukihi ගේ නූපන් බිළිදාද අනතුරින් මිය ගියාය. 

 

මෙම රිය අනතුර සම්බන්ධයෙන් වරදකරු වූ ඔහුට 2013 පෙබරවාරි මාසයේදී  වසර අටක සිර දඬුවමක් නියම වූ අතර 18 හැවිරිදි යහළුවන් දෙදෙනා තම මිතුරාට රියදුරු බලපත්‍රයක් නොමැති බව දැනගෙනත‍් ඒ පිළිබඳව කිසිවක් සිදු නොකළ බැවින් අත්අඩංගුවට ගෙන තිබේ.

Comments