පූර්ණ ප්රතිසංස්කරණයට ලක් කරන ලද මැස්ඩා කෞතුකාගාරය එළඹෙන මැයි 23 වනදා විවෘත කිරීමට නියමිත බව එහි පාලනාධිකාරියෙන් දන්වා තිබේ. Mazda හි මෙම කෞතුකාගාරය හිරෝෂිමා හි පිහිටි මැස්ඩා මූලස්ථානයේ පිහිටා ඇති අතර එය පුර්ණ ලෙස ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා පසුගිය කාලයේ දීර්ඝ කාලයක් ඒ වසා දමා තිබිණි.
මැස්ඩා ආරම්භයේ සිට මේ වන තෙක් නිෂ්පාදනය කර ඇති විවිධ මොඩලයේ වාහන එහි ප්රදර්ශනයට තබා තිබේ. මීට සමගාමීව මාර්ගගත ලෙස මෙහි වාහන ප්රදර්ශනය කෙරෙන කරන වෙබ් අඩවියක් ද එම ආයතනය විසින් මේ වන විට දියත් කර තිබේ .
මම ප්රදර්ශන භූමියේ විවිධ තේමාවන්ගෙන් නිර්මාණය වූ කලාප දහයක් ඇති අතර ඒ හරහා ඉදිරි සියවස සඳහා Mazda හි දර්ශනය ජනතාවට පිළිබිඹු කිරීමට ඔවුන් අරමුණු කරගෙන තිබේ