ස්වභාව ධර්මය සමඟ මුසු වන හරිත මධ්‍යස්ථානය


මධ්‍යම ජපානයේ හරිත කරන මධ්‍යස්ථානයක් නිර්මාණය වේ

.

මධ්‍යම ජපාන නගරයේ වනාන්තරවලින් වට වි ඇති Aichi ප්‍රාන්තයේ හරිතකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන ව්‍යුහය භූ දර්ශන නිර්මාණ ශිල්පී Makoto Nakamura සහ ගෘහ නිර්මාණ ශිල්පී Mitsuo Taki විසින් එක්ව නිර්මාණය කර තිබේ. 

 

මෙහි බාහිර පෙනුම සඳහා අර්ධ විනිවිද පෙනෙන දර්පණ භාවිතා කර ඇති අතර එමඟින් අවට ඇති ගස් පරාවර්තනය කිරීමෙන් අවට පරිසරයේ අලංකාරත්වය වැඩි කරයි. ශක්තිමත් කරන ලද කොන්ක්‍රීට් සහ වානේ රාමු වලින් සාදන ලද ගොඩනැගිල්ල දෙමහල් වන අතර අර්ධ තට්ටුවක් දැකිය හැකි වේ.

 

"ග්‍රීන් හෝල්" විශාල ද්විත්ව උස අවකාශයක් වන අතර එහි සිවිලිම 12.4m උසින් යුක්ත වේ. පැමිණෙන අමුත්තන් දකුණු පැත්තේ දොරටුව හරහා පිළිගන්නා අතර වීදුරු සිවිලිමෙන් ඇතුළු වන මෘදු හිරු එළිය ඇතුළත ගස් මත බබළයි

135 Views

Comments