මෙහෙයුමෙන් දිවි ගලවාගත් කුඩා දැරියත‍් ජීවිතක්ෂයට


නෞකා අනතුරේ සියලු දෙනා මිය යයි

.

ජපාන වෙරළාරක්ෂක බලකාය (JCG) විසින් Hokkaido හි Shiretoko අර්ධද්වීපයේ සිදුවූ මාරක සංචාරක බෝට්ටු අනතුරින් දිවි ගලවාගත් 3 හැවිරිදි දැරිය  මියගොස් ඇති බව අප්‍රේල් 25 වන දින වාර්තා විය.

 

JCG හි 1 වන ප්‍රාදේශීය වෙරළාරක්ෂක මූලස්ථානයට අනුව, Hokkaido ප්‍රාන්තයේ ධීවර මුර යාත්‍රාවක් අප්‍රේල් 24 වන දින Cape Shiretoko ප්‍රදීපාගාරයට  14.5 km නැගෙනහිරින් පිහිටි මුහුදේදී දරුවා දැක තිබේ.  පෙ.ව 8.55 ට පමණ JCG යාත්‍රාවක් විසින් දැරිය ගොඩබිමට රැගෙන පැමිණියද ඇය කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා එදිනම රෝහල් ගත කර ඇත. 

 

අනතුරින් පසු සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම් වලදී බේරාගත් 11 වැනි පුද්ගලයා ඇය විය .පිරිමි හත් දෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙක් ලෙස 10 දෙනෙකු මුහුදේ මෙන්ම පර්වත මතට ගසාගෙන ගොස් තිබීයදී බේරාගත්තද  ඔවුන් සියළු දෙනා මේ වන විට මිය ගොස් ඇති බව පැවැසේ.

Comments