2024 වන විට සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පත් අහෝසි කර My Number සමඟ ඒකාබද්ධ කරයි.


2024 වර්ෂය වන වනවිට ජපානයේ සෞඛ්‍යය කාඩ්පත් අහෝසි කිරීමට සැලසුම් කරයි

.

ජපාන රජය 2024 අගභාගයේදී "My  number" හැඳුනුම්පත්වලට ඒකාබද්ධ කිරීමෙන් සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත් අහෝසි කිරීමට සැලසුම් කර ඇත. 

 

අග්‍රාමාත්‍ය කිෂිඩා ෆුමියෝ සෞඛ්‍ය අමාත්‍ය Kato Katsunobu සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Terada Minoru සමඟ පැවති සාකච්ඡාවකින් පසු ඩිජිටල් පරිවර්තන අමාත්‍ය Kono Taro බ්‍රහස්පතින්දා මෙය නිවේදනය කර ඇත. 

 

සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පත් අහෝසි කරන කාලය වන විට My Number කාඩ්පත් ලබා නොගන්නා පුරවැසියන් සඳහා එයට අයදුම් කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටීම හැර ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර මොනවාදැයි රජය සලකා බලමින් සිටී.

77 Views

Comments