පසුගියදා නව වසරේ සිය පළමු රාජකාරි ආරම්භ කරමින් ඇමරිකානු ජනාධිපති Joe Biden මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් යුක්රේනියානු දේශ සීමා අසල රුසියානු හමුදාවන් අභ්‍යාස වල නිරත වන බවත්ය.
තවදුරටත් ඔහු සඳහන් කර සිටියේ,මෙකී තත්ත්වය යථාර්තයක් වුවහොත් එය ඉතා විනාශයක් වනු ඇති බවත් ඊට වන්දි ගෙවීමට රුසියාව සූදානම් විය යුතු බවත්ය. යුක්රේන දේශ සීමාව අසල රුසියානු පාබල හමුදා සේනාංක ලක්ෂයකට ආසන්න පිරිසක් කඳවුරු ලා සිටින බව සැලවේ.