සංවත්සරය සැමරීමේ හමුදා පෙළපාලිය


උතුරු කොරියාව හමුදා පෙලපාලියක් පවත්වයි

.

එක්සත් ජනපදයට එරෙහිව ප්‍රකෝප කිරීම් වනු ඇතැයි යන බිය මධ්‍යයේ වුවත් උතුරු කොරියාව සිය හමුදාව පිහිටුවීමේ 90 වැනි සංවත්සරය නිමිත්තෙන් සඳුදා රාත්‍රියේ හමුදා පෙළපාලියක් පැවැත් වූ බව දකුණු කොරියානු හමුදා මූලාශ්‍රය වාර්තා කළේය. 

 

සංවත්සරය නිමිත්තෙන් Pyongyang අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කිරීම හෝ එහි හත්වන න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකිරීමට ඉඩ ඇති බවට උත්සුක වීමත් සමඟ එක්සත් ජනපදය, ජපානය සහ දකුණු කොරියාව යන රටවල් උතුරු කොරියාව පිළිබඳ නිරීක්ෂණ ශක්තිමත් කරන ලදී.

 

උතුරු කොරියාවේ නිර්මාතෘ වූ වත්මන් නායක Kim Jong Un ගේ සීයා වන Kim Il Sung විසින් 1932 අප්‍රේල් 25 දින ජපන් විරෝධී ගරිල්ලා හමුදාවක් සංවිධානය කිරීම ආරම්භ කරන බව ප්‍රථම වරට පවසා ඇති අතර Kim ගේ දේශනය සහිත නවතම හමුදා පෙළපාලිය නිල කොරියානු මධ්‍යම රූපවාහිනිය විසින් අද දින විකාශනය කිරීමට නියමිතව තිබේ.

134 Views

Comments