ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගියදා ඉන්දියාවෙන් ගත් ණය මුදල සේම ජපානයෙන්ද ඩොලර් බිලියන 2- 3.5 ක ණය මුදලක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුගියදා සාකච්ඡා පැවැත්විණි.
ජපානය ඉතිහාසයේ සිටම ශ්‍රී ලංකාවට මූල්‍යමය පමණක් නොව තාක්ෂණික දැනුමෙන් ද නිරන්තර සහයෝගය දුන් රාජ්‍යයකි. මෙම ද්විපාර්ශික ගිවිසුම හරහා දෙරට අතර සම්බන්ධතාවය පවතින රජය යටතේ තවදුරටත් වනු ඇති බව බොහෝ දෙනාගේ මතයයි.
මෙම ණය මුදල ජපන් යෙන් වලින් ලංකාවට ලැබෙනු ඇති අතර එය 0.05%ක පොලි අනුපාතයක් යටතේ ලබා ලබාදෙනු ඇති බව ආරංචි මාර්ග පවසයි