යෙන් බිලියන 17.5 වටිනාකමකින් යුත් ප්‍රතිවෛරස් ඖෂධ තොගයක් Tokyo හි Fujifilm Toyama Chemical සමාගම විසින් මුඛ ප්‍රතිවෛරස් Avigan යන වෙළඳ නාමය යටතේ හදුන්වා දී ඇති අතර COVID-19 වෛරසයට එරෙහිව එහි කාර්යක්ෂමතාවය තහවුරු කර නොමැති බැවින් ප්‍රතිකාරයක් ලෙස භාවිතයට ගත නොහැකි වී තිබේ.
Corona වෛරසයේ මුල් ව්‍යාප්තියෙන් පසුව, ඉන්ෆ්ලුවෙන්සාවට එරෙහිව Avigan හි පවතින කාර්යක්ෂමතාවය නිසාවෙන් එය Corona වෛරසයට එරෙහිව ද ඵලදායී වනු ඇතැයි කරන ලද උපකල්පනයට අනුව සමාගම විසින් 2020 මාර්තු මාසයේදී සායනික පරීක්ෂණ ආරම්භ කර තිබේ .
නමුත් වෛරසයට එරෙහිව ඵලදායී බව ඔප්පු කිරීමට සායනික පරීක්ෂණ අසමත් වූ බැවින් 2020 දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටු රැස්වීම මගින් "Avigan ඵලදායීද යන්න පැහැදිලිව විනිශ්චය කිරීමට අපහසු බවත්, සායනික සමාලෝචනය දිගටම පවතින බවත්" ප්‍රකාශ කළේය.