ක්‍රමයෙන් ලිහිල් වීමට නියමිත මුහුණු ආවරණ පැලදීමේ නීතිය


ජපානය තුල මුහුණු ආවරණ පැලදීම ලිහිල් කිරීමට සැරසෙයි

.

Corona ආසාදන පැතිරීම වැලැක්වීම සඳහා ජනතාවට Mask පැළඳිය යුතු බවට වන නීතිය ලිහිල් කිරීමට ජපානය බලාපොරොත්තු වන බව ආර්ථික පුනර්ජීවන අමාත්‍ය Daishiro Yamagiwa ඉඟි කර තිබේ.

 

මහජන විකාශක NHK විසින් අප්‍රේල් 24 වන දින විකාශනය කරන ලද සාකච්ඡාවක් අතරතුර  " ජනතාව එළිමහනේ සිටින විට Mask පැළඳිය යුතු නැති බව සත්‍යයකි " යනුවෙන් Yamagiwa ප්‍රකාශ කර තිබේ. නමුත් එය පියවරෙන් පියවර සිදු කළ යුත්තක් බව ඔහු පෙන්වා දුන්නේය. 

 

ජපානයේ එළඹෙන "ගෝල්ඩන් වීක්" නිවාඩුවට සමගාමිව අප්‍රේල් අග සිට මැයි මුල දක්වා දීර්ඝ කරන ලද නිවාඩුව "ජනතාව තම ආරක්‍ෂාව අත් නොහරිමින්, ආසාදනවලට එරෙහිව අවශ්‍ය අවම පූර්වාරක්ෂාවන් සලසා ගනිමින්, සාමාන්‍ය පරිදි නිවාඩුව භුක්ති විඳිනු දැකීමට මම කැමතියි" යනුවෙන් ඔහු වරක් යෝජනා කොට තිබේ.

166 Views

Comments