බාධා මධ්‍යයේ සිදු කෙරෙන මුදා ගැනීමේ මෙහෙයුම්


මුහුදේ ගිලුණු නැව මුදවා ගැනීමට අයහපත් කාලගුණයෙන් බාධා ඇතිවේ

.

අයහපත් කාලගුණය හේතුවෙන් කිමිදුම් පරීක්ෂණ සීමා කිරීම නිසා සෝනාර් කියවීම් මඟින් අඟහරුවාදා දින Hokkaido ඔබ්බෙන් වූ මුහුදේදී අතුරුදන් වූ සංචාරක බෝට්ටුව සෙවීමේ කටයුතු  අඩාල වී ඇති බව වෙරළාරක්ෂක නිලධාරීන් පැවසීය.

 

එදින මුහුදේ ඇතිවූ උස් රළ හේතුවෙන් කිමිදුම් මෙහෙයුම් කෙටි වූ අතර ඉදිරි දින කිහිපය තුළ තද සුළං අපේක්ෂා කෙරෙන බැවින් ඉතිරි මගීන් 15 ​​දෙනා සෙවීමේ කටයුතු දුෂ්කර වී තිබේ. 

 

අනතුර සම්බන්ධයෙන් නීතිමය පාලනයන් ඇතුළත් වැළැක්වීම සහ ආරක්ෂක පියවරයන් ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමාලෝචන කමිටුවක් පිහිටුවන ලෙස තමා ප්‍රවාහන අමාත්‍යාංශයට නියෝග කළ බව අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී ජපාන අගමැති Fumio Kishida  ප්‍රකාශ කළේය.

Comments