ජපාන මුහුදට ඇතුල් වූ චීන හමුදාවේ නෞකා


චීන හමුදා නෞකා ජපාන මුහුදට ඇතුළුවෙයි

.

සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය සහ ජපාන වෙරළාරක්ෂක බලකාය කළ නිරීක්ෂණ වලට අනුව ජපානයේ නිරිතදිග ප්‍රාන්තයේ Kagoshima දූපත් අසල මුහුදු තීරයේදි චීන නාවික හමුදාවට අයත් නෞකාවක් දක්නට ලැබුණු බව ආරක්ෂක අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කළේය.

 

මෙම සමීක්ෂණ නෞකාව රාත්‍රී 11 ට පමණ Kuchinoerabu දූපතට බටහිර දෙසින්   ජපන් මුහුදට ඇතුළු වී තිබේ. අඟහරුවාදා මෙන්ම බදාදා පාන්දර 2.10 ට පමණ නැවත Yakushima දූපතට දකුණින් පිහිටි මුහුදු ප්‍රදේශයෙන් යාත්‍රා කළ බව අමාත්‍යාංශය පැවැසීය. 

 

පසුගිය නොවැම්බර් මාසයේ සිට ආරක්‍ෂක අමාත්‍යාංශය තහවුරු කර ප්‍රකාශයට පත් කළ චීන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් එවැනි ආක්‍රමණයක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන අතර ජපාන රජය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා චීනයට විරෝධයක් ඉදිරිපත් කොට තිබේ.

132 Views

Comments