COVID බලපෑමෙන් පසු  නැවත ඇරඹෙන Seto-Ohashi සංචාර


කොරෝන වසංගතයෙන් පසු ජපානයේ සංචාරක කර්මාන්තය නැවත ප්‍රවර්ධනය වේ

.

බටහිර ජපානයේ Shikoku දූපත Honshu ප්‍රධාන දූපත හා සම්බන්ධ කරන විශේෂ පාලම් චාරිකාව පසුගිය කාලයේ Corona වසංගතය හේතුවෙන් නවතා තිබූ නමුත් වසර තුනකට පසු ප්‍රථම වතාවට අප්‍රේල් 23 දින නැවත ආරම්භ වී තිබේ. 

 

1998 දී ප්‍රථම වතාවට ආරම්භ වූ මෙම සංචාරය , Kobe නගරයේ මූලස්ථානය වන Honshu-Shikoku පාලම් අධිවේගී මාර්ග සමාගම ඇතුළු සංවිධාන විසින් වාර්ෂිකව වසන්ත හා සරත් සෘතුවේ දී පවත්වනු ලබයි. 

 

" Seto-Ohashi Bridges Sky Tour " මගින් සංචාරකයින් හට මුහුදු මට්ටමේ සිට 175m උසින් පිහිටි පාලම් කුළුණට නැඟී Seto අභ්‍යන්තර මුහුදේ අලංකාර හා විස්මිත පුළුල් දසුන් දැක ගැනීමට  මෙන්ම අංශක 360 ක පරිදර්ශක දර්ශනය නිසාවෙන් Shikoku සහ Honshu දූපත් නැරඹීමටද අවස්ථාව හිමිවේ.

106 Views

Comments