ඔකිනාවා හි මූලික යුධ සත්කාරක බර පිලිබදව ජපන් ජනයාගේ මතය


ඔකිනාවා මත පැටවී ඇති යුද සත්කාරක බර ඉතා ඉහළ බව ජන මතයකින් හෙළිවෙයි

.

රට තුළ එක්සත් ජනපද හමුදා විශාල ප්‍රමාණයකට සත්කාරකත්වය සැපයීමේ බර අනෙකුත් ප්‍රාන්ත හා සසඳන විට ඔකිනාවා ප්‍රාන්තයට සාධාරණ නොවන බව ජපානයේ ජනතාවගෙන් 80% ට ආසන්න ප්‍රමාණයක් පැවැසූ බව බදාදා කරන ලද සමීක්ෂණයක් මගින් හෙළිවී තිබේ. 

 

ඔකිනාවා ආපසු ජපන් පරිපාලනය වෙත යාමේ 50 වන සංවත්සරය මැයි 15 දිනට යෙදෙන බැවින් ඊට පෙර රටපුරා පවත්වන ලද  තැපැල් සමීක්ෂණයෙන් ඔකිනාවා හි බර අසමාන ලෙස විශාල බව 79% ප්‍රකාශ කළත් 69% ඔවුන් ජීවත් වන ප්‍රදේශවලට කඳවුරු මාරු කිරීමට විරුද්ධ වි තිබේ. 

 

1952 දී ජපානය සිය ස්වෛරීභාවය නැවත ලබා ගැනීමෙන් පසුව පවා ඔකිනාවා 1972 දක්වා එක්සත් ජනපද පාලනය යටතේ පැවතුනි. මෙය රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.6% වුවද ජපානයේ එක්සත් ජනපද හමුදා මඟින් පමණක් භාවිතා කරන මුළු අක්කර ප්‍රමාණයෙන් 70% පමණ එයට අයත් වේ .

Comments