රැකියා විරහිත 57 හැවිරිදි Satoru Sueishi නමැති පුද්ගලයකු විසින් සිය මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනෙකු හප්පා මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් Okayama ප්රාන්තයේ Setouchi හි පොලිසිය විසින් සඳුදා ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, අනතුර ඉරිදා අලුයම 2.20 ට පමණ සිදුවී ඇති අතර පොලිසියට අනුව Sueishi පලමුව හිතාමතා තම මෝටර් රථය පිටුපසින් සිටි තමාගේ 57 හැවිරිදි මිතුරෙකු වෙත ධාවනය කර තිබේ . පසුව ඔහු සිය මෝටර් රථය පිටුපසට හරවා මිතුරාගේ 54 හැවිරිදි සහෝදරයාට සහ 25 හැවිරිදි ලේලියට ද පහර දී තිබේ.
ප්රදේශවාසියෙක් සිද්ධිය දැක පොලිසියට වාර්තා කොට තිබේ. මෙහිදී අනතුරට ලක්වූ තිදෙනාගේම තැලීම් සහ අස්ථි බිඳීම් ඇති නමුත් ඔවුන්ගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව පොලිසිය පැවැසීය.