පාසලේ පිටාර ගැලූ ජලයට සමානව ගෙවීමට සිදුවූ මුදල්


පිහිනුම් තටාකයේ ජලය පිටාර යාම හේතුවෙන් පාසැලකට අධික ජල බිලක් ගෙවීමට සිදු වේ

.

පසුගිය වසරේ මාස දෙකකට වඩා වැඩි කාලයක් පිහිනුම් තටාකයට පිරෙන ජලය පිටාර ගැලීමට සැලස්වූ නැගෙනහිර ජපානයේ නාගරික කනිෂ්ඨ උසස් පාසලකට යෙන් මිලියන 3.5 ක ජල බිල්පතක් ගෙවීමට ඇති බව නාගරික අධ්‍යාපන මණ්ඩලය අප්‍රේල් 21 දින නිවේදනය කළේය.

 

Kanagawa ප්‍රාන්තයේ Yokosuka නගරයේ Mabori කනිෂ්ඨ උසස් පාසලේ 2021 ජූනි අග සිට සැප්තැම්බර් මුල දක්වා කාලය තුළ තටාකය භාර ගුරුවරිය විසින් , ජලය පිටාර ගලන විට Corona ආසාදන වළක්වා ගත හැකි යැයි විශ්වාස කරමින් විදුහල්පති හෝ වෙනත් අයෙකුගේ අවසරයකින් තොරව ජල කරාමය විවෘතව තබා ඇති බව පැවැසේ.

 

Yokosuka නාගරික ආන්ඩුව විසින් විදුහල්පති, උප විදුහල්පති සහ තටාකය භාර ගුරුවරයා හට යෙන් මිලියන 1.74 ක් එනම් බිලෙන් අඩක් පමණ ගෙවන ලෙස ඉල්ලා තිබේ. තිදෙනාම ඉල්ලුමට එකඟ වුවද පාසල එහි සංවිධානාත්මක වගකීමෙන් අසමත් වූ බැවින් ඉතිරි මුදල නගරය විසින් ගෙවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

127 Views

Comments