මරණය සම්බන්ධයෙන් නිකුත් වූ නව විමර්ශන මණ්ඩල වාර්තාව


සියදිවි නසාගත් පාසල් දැරිය පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වෙයි

.

2019 දී සියදිවි නසාගත් 11 හැවිරිදි දැරිය පාසැලේදී හිරිහැරයට ලක්ව ඇති අතර, නවක වදයද එක් හේතුවක් වී ඇති බව තුන්වන පාර්ශ්වීය විමර්ශන කමිටුව අප්‍රේල් 27 වන දින ඇගේ පාසලේ සහ නගර අධ්‍යාපන මණ්ඩලයේ නිගමන අවලංගු කරමින් ඔසාකා නාගරික රජයට නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. 

 

2019 සැප්තැම්බර් මාසයේදී ඇගේ නිවසේදීම මිය ගිය Osaka හි නාගරික ප්‍රාථමික පාසලක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකගේ ඇඳුමේ සාක්කුවක තිබී හමුවූ සටහනක "මට පාසලේදී හිරිහැර කොට මැරෙන්න කිව්වා" යනුවෙන් සදහන් වුවද අධ්‍යාපන මණ්ඩලය සහ ඇගේ පාසල "හිරිහැර කිරීම තහවුරු කළ නොහැකි" බව ප්‍රකාශ කර තිබේ. 

 

" මිතුරන් කිහිප දෙනෙකුට ණයට දුන් මුදල් ආපසු නොදීම" සහ පන්තියේ මිතුරන් ඇයට "මැරෙන්න" කීම ඇතුළුව දැරියට එරෙහිව හිරිහැර කිරීමේ සිද්ධීන් අටක් තුන්වන පාර්ශව කමිටුව විසින් මේ වන විට පිළිගෙන ඇති බව වාර්තා වේ

Comments