නගර සභා මන්ත්‍රීවරුන්ගේ නිමක් නොමැති නින්ද


චිබා ප්‍රාන්තයේ නගර සභා මන්ත්‍රීවරුන් ගණනාවක් සභා ගර්භය තුළදීම නිදාගෙන සිටින ආකාරය පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වී තිබුණා.

.

චිබා ප්‍රාන්තයේ ඉචිකාවා නගරයේ නගර සභා මන්ත්‍රීවරුන් ගණනාවක් කවුන්සිලයේ සභා ගර්භය තුළදීම නිර්ලජ්ජිත ලෙස 

නිදාගෙන සිටින ආකාරය පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වී තිබුණා.

නින්දට ගිය අයට අමතරව එක් නගර සභා මන්ත්‍රීවරයකු ඓතිහාසික ප්‍රබන්ධ නවකතාවක් කියවමින් සිටිනුද දක්නට ලැබුණා.

මීට වසර පහකට පමණ පෙර ඉචිකාවා නගර සභාව සිය යූ ටියුබ් නාලිකාවේ සිය පූර්ණ සැසි ප්‍රවාහය ආරම්භ කළ අතර පසුගිය ගිම්හානය වන තෙක් කැමරාව සාමාන්‍යයෙන් විශාලනය කර කාමරයේ ඉදිරිපස වේදිකාවේ සිටගෙන අනෙක් සාමාජිකයින් අමතමින් සිටින අය කෙරෙහි අවධානය යොමු කළා.

කෙසේ වෙතත් වර්තමානයේ කැමරාව සවන් දෙන සභා සාමාජිකයින්ගේ මුහුණු පෙන්වීම සඳහා නිතර නිතර හරවනු ලබන අතර එමගින් ප්‍රවාහය නරඹන සෑම කෙනෙකුටම ඔවුන් අවදියෙන් සිටිනවාද යන්න දැකගත හැකියි.

කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් කවුන්සිලය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

 

82 Views

Comments