Corona වසංගතය හේතුවෙන් අඛණ්ඩව වසර දෙකක පසුබෑමෙන් පසු 2021 මූල්‍ය වර්ෂයේදී ජපානයේ කාර්මික නිමැවුම පෙර වසරට වඩා වාර්තාගත ලෙස 5.8% කින් ඉහළ ගොස් ඇති බව රජයේ දත්ත බ්‍රහස්පතින්දා පෙන්වා දුන්නේය.
ජපානයේ කාර්මික නිමැවුම පූර්ව වසංගත මට්ටම් දක්වා යථා තත්ත්වයට පත් වී නොමැති නමුත් 2019 මූල්‍ය වර්ෂයේ දර්ශකය පැවැති 99.9 හි ස්ථාවර වී ඇති බව දත්ත මඟින් පැහැදිලි කෙරේ.
COVID-19 හේතුවෙන් අග්නිදිග ආසියාවේ ඇතිවූ අර්ධ සන්නායක හිඟය සහ අමතර කොටස් සැපයුම් අඩාල වීම නිසා පසුගිය සැප්තැම්බර් මාසය දක්වා නිෂ්පාදනය පහත වැටීමේ ප්රවණතාවයක පැවති නමුත් ප්‍රධාන වශයෙන් නිෂ්පාදන යන්ත්‍රෝපකරණ නිමැවුම් ඉහළ යාම හේතුවෙන් කාර්මික නිෂ්පාදන ප්‍රකෘතිමත් වෙමින් පවතින බව වාර්තා වේ.