මේ මස මුලදී රාත්රි Cram පාසල නිමවී ආපසු නිවසට යමින් සිටි කනිෂ්ඨ උසස් පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බවට සැකපිට 17 හැවිරිදි පිරිමි ළමයෙකු අගහරුවාදා Osaka පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පාපැදියකින් සෙමින් ඇය පසුපසින් ගමන් කර ඇති අතර පසුව ඇය ඔහුගෙන් මිදීමට උත්සාහ කිරීමේදී මීටර් 100 කට වඩා වැඩි දුරක් ඇය පසුපස හඹා ගොස් ඇති බව පොලිසිය වාර්තා කළේය. ඔහු ඇයව බයිසිකලයෙන් ඉවතට ඇද, ඇගේ උඩුකය අතගා ඇති අතර ගැටුමේදී දැරියගේ උරහිසට සහ වම් අතට තුවාල සිදුවී තිබේ .
එම ප්රදේශයේ නිරීක්ෂණ කැමරා දර්ශන මගින් පලා ගිය සැකකරු පොලිසිය විසින් හඳුනා ගෙන ඇති අතර සැකකරු අර්ධකාලීන රැකියාවක නිරතව සිටින්නෙකු වේ. අත්අඩංගුවට ගැනිමෙන් පසු ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඔහු විසින් පිළිගත් බව පොලිසිය පැවැසීය.