ගුණාත්මක තුවා නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බටහිර ජපාන නගරයේ තුවා නිෂ්පාදකයෙකු විසින් ලෝකයේ පළමු වරට රෙදිපිළි අයිතම සහ අනෙකුත් සමාන නිෂ්පාදන සඳහා නඩත්තු සේවාවක් හදුන්වා දී ඇති අතර එය මැයි 9 වන දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබේ.
තුවා නඩත්තුව කෙරෙහි අවධානය යොමු කර ඇති Ikeuchi Organic නිෂ්පාදකයාගේ සේදීමේ සහ වියලීමේ විශේෂඥතාව උපයෝගී කරගනිමින් ඉවත් නොවන පැල්ලම් සහිත තුවා මෙන්ම ගඳ ගසන තුවා නැවත යථා තත්ත්වයට පත් කිරීම මෙම සේවාවේ පරමාර්ථය ලෙස දක්වා තිබේ. මෙහිදී සමාගම මගින් වසර පහක් හෝ 10ක් දක්වා තුවා වල ආරම්භක හැඟීම රඳවා තබා ගැනීම සහ තිරසාර භාවිතය පිරිනැමීමට කටයුතු සිදු කරනු ලබයි.
"තුවා වෛද්‍යවරයා" යන ලියාපදිංචි වෙළඳ ලකුණ යටතේ මිලදී ගැනීමෙන් පසු නඩත්තු කිරීම කෙරෙහි සමාගම අවධානය යොමු කර ඇති අතර එය දැනටමත් J-ලීග් හි තුන්වන කොටසේ දේශීය පාපන්දු කණ්ඩායමක් වන FC Imabari සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත. සමාගම 2018 සිට තනි ක්‍රීඩකයින්ට සහ වෙනත් අයට තුවා නඩත්තු සේවා සපයයි.