බටහිර ජපානයේ නගරයක් වන නාරා හි වැලන්ටයින් දිනය නිමිත්තෙන් අපූරු කේක් ගෙඩියක් සාදා ඇති බව සැලවේ.
වාර්තා වන පරිදි මෙම කේක් ගෙඩිය සාදා ඇත්තේ විවිධ මුහුදු මත්ස්‍ය වර්ග භාවිතා කරමින් ඒවා ගැඹුරු තෙලේ බැද ගනිමිනි. ආදරවන්තයින්ගේ දිනය සිහිපත් කරමින් තනා ඇති මෙය බැදපු මාලු හදවත් සහ අනෙකුත් හැඩවලට කපා එකතු කර තිබේ. නාරාහි සුප්‍රසිද්ධ අලෙවිසලක් වන Kamaboko හි මෙම කේක් අලෙවි කිරීමට දැන් තබා ඇති බව වාර්තා වේ. බැඳපු මාළු කෑලි තුනක් සහිත එක කේක් කෑල්ලක් යෙන් 756 ක මුදලකට මෙහිදී ලබාගත හැකිය.
ඡායාරූපය :mainichi