එක්සත් ජනපදය තුළ එළිදැක්වීමට නියමිත ජපන් උරුමය


එක්සත් ජනපදය තුළ ජපාන උරුම රැකීමට කණ්ඩායම් සැරසෙයි

.

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ   වඩාත්ම ජනාකීර්ණ නගරය හරහා ගමන් කරමින් පැවැත්වෙන පළමු පෙළපාලියේ "උරුමය සමරන  කණ්ඩායම්" අතරින් තමන්ගේ ස්ථානය ලබා ගැනීම සඳහා ජපන් සම්භවයක් සහිත කණ්ඩායම සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. 

 

සංවිධායකයින් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සමගාමීව මෙම පෙළපාලිය පැවැත්විමට මුලින් ඉලක්ක කොට තිබූ නමුත් Corona වසංගතය නිසා එය කල් දැමිණි. නමුත් මේ වසරේදී වසංගතය මධ්‍යයේ ජපාන දින පෙළපාලිය මැයි 14 ට යෙදී ඇති අතර "සහයෝගීතාවය" පෙළපාළියේ පණිවිඩයේ කොටසක් වේ. 

 

පෙළපාලිය නිව් යෝර්ක් අගනගරයේ ජපන් සහ ජපන් ඇමරිකානු ප්‍රජාව සඳහා වන දෘශ්‍යතාව ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්විමට නියමිත අතර දැනටමත් නිව්යෝර්ක් ප්‍රදේශය තුළ ජාතියේ සිව්වන විශාලතම ජනගහනය ලෙස ජපන් ජාතිකයන් සිටින බව සංගණන කාර්යාංශයේ දත්තවල Pew පර්යේෂණ මධ්‍යස්ථානයේ විශ්ලේෂණයේ සදහන් වේ.

132 Views

Comments