හිටපු අගමැතිගේ ඝාතකයා සිය අරමුණ පාපොච්චාරණය කරයි


හිටපු අගමැති තුමාගේ ඝාතකයා පාපොච්චාරණය කරයි

.

ජපානයේ හිටපු අගමැති Shinzo Abe හට මාරාන්තික වෙඩි ප්‍රහාර ද්විත්වයක් එල්ල කළ 41 හැවිරිදි Tetsuya Yamagami නම් සැකකරු විසින් " තමා මුලින්ම බෝම්බයක් සෑදීමට උත්සාහ කළ බවත් ප්‍රහාරයට යොදාගත් තුවක්කුවට අමතරව වෙනත් තුවක්කු කිහිපයක් සෑදූ බවත් "පොලිසියට පාපොච්චාරණය කර ඇති බව සිදුවීම සම්බන්ධ සමිප විමර්ශන ආරංචි මාර්ග ඉරිදා ප්‍රකාශ කළේය. 

 

පසුගිය සිකුරාදා දින Abe මහතාට වෙඩි තැබීමට යොදාගත් තුවක්කුව සහ බටහිර Nara නගරයේ පිහිටි ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී හමුවූ අනෙක් උපකරණ ද පොලිසිය විසින් රාජසන්තක කර ඇති අතර සැකකාර Yamagami ඉරිදා දින නඩු පවරන්නන් වෙත යොමු කිරීමටද නිලධාරීන් පියවර ගෙන තිබේ.

 

"තම මව ආගමික සංවිධානයකට විශාල පරිත්‍යාගයක් සිදු කළ බවත් Abe එම කණ්ඩායම සමඟ සම්බන්ධ යැයි විශ්වාස කරමින් ඔවුන්ට ලබාදුන් පරිත්‍යාගයට එරෙහිව තමන්, ඔවුන් සමඟ වෛරයක් ඇති කර ගත් බවත්" ඔහුගේ මරණීය චේතනාව පිලිබදව නිලධාරීන් Yamagami ගෙන් විමසූ විට ඔහු පවසා ඇත. 

 

"මුලදී, මම කණ්ඩායමේ විධායකයෙකුට පහර දීමට අදහස් කළෙමි" නමුත් පසුකාලීනව ඒ වෙනුවට Abs ඉලක්ක කර ගැනීමට තීරණය කළෙමි" යනුවෙන් ඔහු තවදුරටත් පවසා ඇති බව වාර්තා වේ.

134 Views

Comments