මින්මැදුරේ මාළු අල්ලන බළල් නිවුන් දරුවෝ


මධ්‍යම ජපානයේ මින් මැදුරක නිවුන් බලල් සොහොයුරන් උපත ලබයි

.

මධ්‍යම ජපාන නගරයේ මින්මැදුරක පෙබරවාරි මාසයේ උපත ලැබූ පිරිමි ධීවර බළල් නිවුන් දරුවන්ගේ නම් තැබීම පසුගියදා සිදු කෙරිණි. මෙම සහෝදරයන් දෙදෙනා පියා Sunny සහ මව Pearl ට දාව පෙබරවාරි 26 වන දින ටෝබා මින්මැදුරේදි උපත ලැබූ අතර සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය විසින් රැක බලා ගනු ලබයි. 

 

ඔවුන් අප්‍රේල් 4 වැනි දින ප්‍රසිද්ධියට පත් වූ අතර අප්‍රේල් 17 දක්වා ඔවුන් සඳහා තැපැල්පත් මගින් සහ අන්තර්ජාලය හරහා ලැබුණු නාම යෝජනා 1,165 න් නම් සෙවීම සිදු කරන ලදී. පසුව කාර්ය මණ්ඩලය ඔවුන්ගේ දෙමාපියන්ට ගෞරව කිරීම සඳහා Moon සහ Shell යන නම් තෝරා ගෙන තිබේ. 

 

සජීවී සහ ශක්තිමත් මනසක් ඇති වැඩිමහල් සහෝදරයා වන Moon සහ කුතුහලයෙන් හා බුද්ධිමත් බවින් යුතු බාල සොහොයුරා වන Shell යන දෙදෙනාම දිගින් 30cm දක්වා වර්ධනය වී ඇති අතර බර 1.5Kg කි. 

 

ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර රුචියක් ඇති අතර අඹරන ලද කුකුල් මස් වැනි කිරි වැරීමේ ආහාර අනුභව කරයි. පැටවුන් දෙදෙනා මින්මැදුරේ G කලාපයේ "Forest of Miracle" ප්‍රදේශයේ නරඹන්නන් වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරේ.

130 Views

Comments