Aichi ප්‍රාන්තය ආලෝකමත් කළ යෝධ කඩදාසි පහන් උත්සවය


වසර තුනකට පසු Aichi ප්‍රාන්තයේ පහන් කූඩු උත්සවය පැවැත්වේ

.

වසර තුනකට පසු ප්‍රථම වතාවට Aichi ප්‍රාන්තයේ Nishio හි පිහිටි Suwajinja සිද්ධස්ථානයේදී Mikawa Isshiki ලෙසින් හැඳින්වෙන ඓතිහාසික පින්තූර ලියවිලි සහිත මහා පහන් කූඩු උත්සවය පසුගිය අගෝස්තු 27 දින අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලැබිණි.

 

මෙහිදී කඩදාසි පහන් කූඩු 12 ක් මහජන ප්‍රදර්ශනය සදහා තබා තිබූ අතර එහි විශාලතම පහන් කූඩුව ආසන්න වශයෙන් උසින් මීටර් 10 ක් සහ මීටර් 5.6 ක විෂ්කම්භයකින් යුක්ත විය . මීට වසර 450 කට පමණ ඉහතදී විශාල කුණාටු වලින් සිදුවන හානිය වැළැක්වීම වෙනුවෙන් දල්වනු ලැබූ ගිනි මැලය සිහිපත් කරමින් සෑම වසරකම මෙම උත්සවය සමරනු ලබන අතර පසුකාලීන එඩෝ යුගයේදී (1603-1867) ගිනි මැලය වෙනුවට පහන් කූඩු ආදේශ කිරීම සිදු කරන ලදී. 

 

අවසානයේදී සිද්ධස්ථානයේ කටයුතු වලට සම්බන්ධව සිටින සාමාජිකයන් සියලු දෙනා එක්ව වාර්ෂිකව නිර්මාණය කෙරෙන පහන් කූඩු අතරින් විශාලතම පහන් කූඩුව නිර්මාණය කිරීම තරඟයක් ලෙස ක්‍රියාත්මක කළ අතර උත්සවය පැවැති දින රාත්‍රී 7 පසුවී සුළු මොහොතකට පසුව මීටර් 1 ක් පමණ උසින් යුතු සහ කිලෝග්‍රෑම් 80 ක් පමණ බරින් යුතු යෝධ ඉටිපන්දමක්  පහන් කූඩු තුළ දැල්වීමේ සිදු කෙරිණි.

120 Views

Comments