ළමා දිනය වෙනුවෙන් එළිදැක්‌වෙන Carp Streamers


ජපාන ළමා දිනය වෙනුවෙන් carp steamers එළිදැක්වේ

.

එළැඹෙන මැයි 5 දින ජපනයේ පැවැත්විම නියමිත ළමා දිනයට සමගාමීව අප්‍රේල් 26 දිනයේදීත් නැගෙනහිර ජපානයේ Tatebayashi නගරයේ , Gunma ප්‍රාන්තයේ Tsuruuda ගඟට ඉහලින්  Carp Streamers විශාල ප්‍රමාණයක් නරඹන්නන් හට දැකගැනීමට හැකියාව ලැබී තිබේ .

 

Carp Streamers 4,000 කින් පමණ අලංකාර වූ "Tatebayashi Koinobori Carp Streamer Village Festival"  සාමාන්‍යයෙන් ළමා දිනය වෙනුවෙන් පවත්වනු ලබන අතර වසර දෙකකට පසු ප්‍රථම වරට මේ වසරේදී නැවැතත් මැයි 15 දක්වා නරඹන්නන් හට විවෘත වේ. 

 

උත්සවයේ ප්‍රධාන ස්ථානය වන Tsuruuda ගඟේ, ජලය මතුපිට Carp Streamers පිළිබිඹු කර ඇති අතර ආසාදන පැතිරීම වැලැක්වීමේ පියවරක් වශයෙන් රාත්‍රී කාලයේ Streamers ආලෝකමත් කිරීම අවලංගු කර තිබේ.

96 Views

Comments