චීනයට එරෙහිව ජර්මනිය සමඟ සාකච්ඡා පැවැත්වූ ජපානය


චීනයට එරෙහිව ජපානය හා ජර්මනිය එකඟතාවලට එළඹේ

.

ඉන්දු පැසිෆික් කලාපය තුළ චීනයේ වැඩිවන මිලිටරි හා ආර්ථික බලය මෙන්ම රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අගමැති Fumio Kishida සහ ජර්මානු Chancellor Olaf Scholz දෙදෙනා බ්‍රහස්පතින්දා දින ටෝකියෝහිදී හමුවී තිබේ. 

 

සාකච්ඡා අතරතුරදි Kishida සහ Scholz විසින් පැසිෆික් කලාපය තුළ චීනයේ වැඩෙන බලපෑමට එරෙහි වීමේ මුලපිරීමක් ලෙස "නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික්" ප්‍රවර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම අලුත් කළ බව ජපාන නිලධාරීන් පැවසීය.

 

ජර්මනියේ වසර 16ක් එම තනතුරේ සේවය කළ Angela Merkel  වෙනුවට දෙසැම්බර් මාසයේදී ජර්මානු නායකයා බවට පත් වූ Scholz, බීජිං සමඟ සමීප ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කළ ඔහුගේ පුරෝගාමියාට වඩා චීනය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන බැවින් මෙලෙස සාකච්ඡා පවත්වා තිබේ.

127 Views

Comments