ප්‍රතිප්‍රහාරක හැකියාව ලබා ගැනිමේ LDP යෝජනාව


ජපානයට ප්‍රතිප්‍රහාර ක ලබාදීමේ හැකියාව ලඟා කරගන්නා ලෙස අගමැතිතුමාගෙන් ඉල්ලීම් කෙරේ

.

අප්‍රේල් 27 දින පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) විසින් අගමැති Fumio Kishida වෙත ජාතික ආරක්ෂක යෝජනාවක් ඉදිරිපත් කරමින්, සතුරු රටක මිසයිල දියත් කිරීමේ කඳවුරුවලට සහ අනෙකුත් ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ සලසන “ප්‍රතිප්‍රහාරක හැකියාවක්” ජපාන රජයට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

  

උතුරු කොරියාවේ සහ චීනයේ මිලිටරි ව්‍යාප්තියට ප්‍රතිචාර දැක්වීම මෙහි පරමාර්ථය වන අතර  පක්ෂයේ යෝජනාව Onodera විසින් අප්‍රේල් 27 වැනිදා අගමැති Kishida හට භාර දී තිබේ . 

 

"අපිට අවශ්‍ය වන්නේ  අනෙකුත් රටවල විවිධ ක්ෂේත්‍රවල වැඩිදියුණු කළ හැකියාවට ප්‍රතිචාර දැක්වීම සහ වත්මන් ආරක්ෂක පරිසරය යටතේ ස්ථාවර ප්‍රතිප්‍රහාරක හැකියාවක් අපේ රටට ලබාගැනීමට හැකිවීමයි" යනුවෙන් LDP හි ජාතික ආරක්ෂක පර්යේෂණ කමිටුවේ සභාපති හිටපු ආරක්ෂක අමාත්‍ය Itsunori Onodera පැවසීය.

133 Views

Comments