10 හැවිරිදි පිරිමි ළමයාගේ ගණ දෙවි නුවණ


පිරිමි ළමයා අනතුරට පත් කර පලා ගිය මෝටර් රථ රියදුරු එදිනම හවස අත් අඩංගුවට

.

ඔක්තෝම්බර් 31 වන දින උදෑසන 8ට පමණ හිගෂියන්ඩෝ නගරයේ මාර්ගයක මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි 53 හැවිරිදි රියදුරෙකු විසින් එම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන 10 හැවිරිදි පිරිමි ළමයෙකු අනතුරකට ලක් කර පලා ගොස් ඇත.

පිරිමි ළමයා තම වම් අල්ලේ අනතුරට ලක් කල වාහනයේ ලියාපදිංචි අංකය ලියා ගෙන ඇත. පසුව ළමයා එම අංකය පාසලේ ගුරුවරයාට ලබා දී ඇත.

එම වාහන අංකය පොලිසියට ලබා දීමෙන් පසු එදිනම සවස 53 හැවිරිදි මෝටර් රථ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර රියදුරු විසින් වරද පිළිගෙන ඇත.

 
117 Views

Comments