BA.2 හි ව්‍යාප්තිය මධ්‍යයේ එළැඹෙන නිවාඩු සමය


කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් omicron BA2 ප්‍රභේදය හේතුවෙන් බව වාර්තා වෙයි

.

ජපානය තුළ නව Corona ආසාදිතයින්ගෙන් 90 % පමණ නිර්මාණය කිරීමට Omicron හි BA.2 උප ප්‍රභේදය දායක වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ මණ්ඩලය විසින් කරන ලද ඇස්තමේන්තුවක් මගින් බදාදා පෙන්වා දී තිබේ .

 

එළැඹෙන සිකුරාදා ආරම්භ වීමට නියමිත Golden Week නිවාඩු කාලය තුළ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල පිරිසකගේ සංචරණය අපේක්ෂා කරන බැවින් “ඉදිරි නිවාඩු දින තුළදී ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී ” යනුවෙන් මණ්ඩලයේ ප්‍රධානී Takaji Wakita පැවසීය.

 

මෙනිසා වෛරයෙන් ආරක්ෂා වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග හොඳින් ගනිමින් නිවාඩුව ගත කරන ලෙස මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

90 Views

Comments