ජපානයේ නගර දෙකක සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළට


Fukuoka නගරයේ සහ Saga ප්‍රාන්තයේ Tosu නගරයේ මෙලෙස සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ ගොස් ඇත.

.

ඊයේ(22) දින Fukuoka නගරයේ සහ Saga ප්‍රාන්තයේ Tosu නගරයේ වෙනදාට වඩා වැඩි සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් නිරීක්ෂණය විය.  

21 වනදා උදෑසන මෙම ප්‍රදේශ දෙකේම ගෙන්දගම් සුවඳක් ඇති බවටද වාර්තා විය.

ඒ අනුව සාමාන්‍යයෙන් තිබිය යුතු සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 0.001ppm පමණ වන නමුත් Fukuoka නගරයේ 0.023ppm සහ Tosu නගරයේ 0.018ppm ලෙස නිරීක්ෂණය විය.  දෙකම පාරිසරික සම්මතයෙන් අඩක් පමණ වන හෙයින් සෞඛ්‍යයට කිසිදු බලපෑමක් නොමැති බව විශ්ලේෂකයන් නිගමනය කරන ලදී.

 

106 Views

Comments