රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා ජපානයෙන් පළිගත් රුසියාව


රුසියාවෙන් ජපානයට ප්‍රති ප්‍රහාර දක්වයි

.

Tokyo අගනගරය විසින් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීමට ගත් තීරණයකට පළිගැනීමක් ලෙස , රුසියාවේ සිටින ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයින් අට දෙනෙකු නෙරපා හරින බව රුසියානු විදේශ අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කොට තිබේ. 

 

රුසියාවේ යුක්‍රේන හමුදා මෙහෙයුම සම්බන්ධයෙන් අගමැති Fumio Kishida ගේ පරිපාලනය මගින් අපවාදය පතුරුවා හැරීම මෙන්ම වසර ගණනාවක් තිස්සේ ගොඩනැගුණු දෙරටේ සහයෝගීතා සබඳතාවයට හානි පමුණුවන සතුරු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ ගැනීම නිසාවෙන් මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් 8 දෙනාට මැයි 10 වනදා වන විට රට හැර යන ලෙස අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වාර්තා වේ. 

 

" Moscow හි ප්‍රතිප්‍රහාර අපේක්ෂා කරන නමුත් රුසියාවේ ජපන් ජාතිකයින්ගේ සහ ව්‍යාපාරවල ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීමට තම රජය ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව " ජපාන අගමැති Fumio Kishida මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පැවැසීය.

124 Views

Comments