ප්‍රකට Tsutenkaku කුළුණේ සර්පිලාකාර උමග


Tsutenksku කුළුණේ උමං මාර්ගය විවෘත වේ

.

එළැඹෙන මැයි 9 වන දින  Osaka හි සංකේතාත්මක Tsutenkaku කුළුණේ 60m දිග සර්පිලාකාර උමග  විවෘත කිරීමට නියමිතව ඇති බැවින් නගරයේ Naniwa Ward හි කුළුණ ක්‍රියාත්මක කරන Tsutenkaku Kanko සමාගම විසින් අප්‍රේල් 28 දින "Tower Slider" සඳහා මාධ්‍ය වෙත පෙර දසුනක්  පැවැත්වීය. 

 

ප්‍රධාන කුළුණ අසල ඇති සෝපාන කුළුණ වටා විනිවිද පෙනෙන සිවිලිමක් සවි කර ඇති අතර නල විනිවිදකය 22m උසින් ආරම්භ වේ. එනම් තුන්වන මහලේ සහ පළමු බිම් මහල දක්වා වේ . මෙම උමගේ සම්පූර්ණ ඉදිකිරීම් පිරිවැය යෙන් මිලියන 300 පමණ වන බව ගණනය කොට තිබේ. 

 

ගමන් කරන්නන් විශේෂ බෑගයක මුහුණට මුහුණ ලා සිටින අංශක 30 ක උපරිම ආනතියක් සහිතව Tsutenkaku කුළුණ දෙස බලන විට දළ වශයෙන් තත්පර 10 කින් පමණ නව ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගනිමින් පහළට ලිස්සා යා හැකි වේ.  

 

120cm හෝ ඊට වැඩි උසකින් යුතු වයස අවුරුදු 7 ක් හෝ ඊට වැඩි පුද්ගලයින් හට උමගට ඇතුළු විය හැකි  අතර නිරීක්ෂණ තට්ටුවට ඇතුළත් වීමේ ගාස්තුවට අමතරව, විනිවිදකයේ පහළට පැදීම සඳහා  එක් අයකුට යෙන් 1,000 පමණ මුදලක් වැය වන බව වාර්තා වේ.

Comments