ධීවර බෝට්ටුවක් පෙරළී එක් අයෙක් ජීවිතක්ෂයට


අද(20) අලුයම 12:20 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

.

අද(20) අලුයම 12:20 ට පමණ Hokkaido Muroran City වෙරළට ඔබ්බෙන් ධීවර බෝට්ටුවක් පෙරළී ගොස් තිබේ.

මෙම අනතුරින් බෝට්ටුව පැදවූ 60 හැවිරිදි Akihiko Kudo නම් තැනැත්තා මියගිය අතර තවත් 50 හැවිරිදි පුද්ගලයෙකු වෙරළාරක්ෂක බලකාය විසින් බේරා ගන්නා ලදී.

අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ කාලගුණය රළු වූ අතර සුළගේ වේගය මීටර් 15 ක් සහ මුහුදු රළ මීටර් 2.5 ක උසකින් යුක්ත විය.

 

121 Views

Comments