අස්ථි හමුවූ ප්‍රදේශයේ තිබී මියගිය දැරියගේ සපත්තු හමුවේ


කැලෑවක තිබී හමු වූ අස්ථි වල තවත් සාක්ෂි හමුවෙයි

.

2019 දී මධ්‍යම ජපාන ප්‍රාන්තයේ Yamanashi හි කඳවුරු භූමියක් අසලදි   අතුරුදහන් වූ Misaki Ogura ගේ යැයි සැක කළ හැකි අස්ථි කොටස් සොයා ගත් ස්ථානයේ තිබියදී දරුවාගේ සපත්තු සොයා ගත් බව Yamanashi ප්‍රාන්ත පොලිසිය අප්‍රේල් 28 වන දින නිවේදනය කළේය. 

 

මරකත කොළ පැහැති දකුණු පාදය සඳහා වන සපත්තුවක් මෙලෙස හමුවී ඇති අතර කාලයත් සමඟ නරක් වීම නිසා සපත්තුවේ වර්ණය මැකී ගොස් තිබුණද කඳවුරු භූමියෙන් අතුරුදහන් වන විට දරුවා පැළඳ සිටි සපත්තු වල වර්ණය  සහ සපත්තුවේ නිෂ්පාදකයා සමාන බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. 

 

අප්‍රේල් 29 වන දින ප්‍රදේශය පුරා මෙහෙයුම් කටයුතු භටයින් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මගින් සිදු කෙරෙන බවත් දැරියගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා DNA විශ්ලේෂණය සහ අනෙකුත් ක්‍රියාමාර්ග සිදු කෙරෙන බවත් වාර්තා වේ.

127 Views

Comments