රුසියානු ප්‍රහාරක ගුවන් යානයක් මහල් ගොඩනැගිල්ලකට කඩා වැටෙයි.


රුසියානු ප්‍රහාරක ගුවන් යානයක් මහල් ගොඩනැගිල්ලකට කඩා වැටේ

.

සඳුදා රුසියානු ප්‍රහාරක ගුවන් යානයක් දකුණු රුසියානු ප්‍රදේශයේ Krasnodar හි මහල් ගොඩනැගිල්ලකට කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වී ඇත. ප්‍රාදේශීය නිලධාරීන් පවසා සිටින්නේ Yeysk නගරයේ තට්ටු නවයකින් යුත් නේවාසික ගොඩනැගිල්ල ගිනිගෙන විනාශ වී ඇති බවයි. 

 

අවම වශයෙන් නිවැසියන් හතර දෙනෙකු මිය ගොස් ඇති අතර ළමුන් ඇතුළු තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටින්නේ පුහුණු මෙහෙයුමක් අතරතුර Sukhoi Su-34 බෝම්බ ප්‍රහාරක යානයක එන්ජිම ගිනිගෙන බිමට වැටී ඇති බවයි. රුසියානු විමර්ශන කමිටුව සිද්ධිය ගැන විමර්ශන කරයි.

111 Views

Comments