දකුණු කොරියානු ආරංචිමාර්ග සඳහන් කරන පරිදි උතුරු කොරියාව විසින් සිය හමුදා බලය ප්‍රදර්ශනය වන පරිදි අවි ආයුධ සහ පාබල හමුදා සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වන බව දැනගන්නට ලැබේ. පසුගිය කාලය පුරා උතුරු කොරියාව විසින් අත්හදා බැලූ බැලස්ටික් මිසයිල සමුදාය ද මෙකී සන්දර්ශනයට ඇතුලත් වන බව පැවසේ.
මිසයිල් අත්හදා බැලීම් දිගින් දිගටම සිදු කරණ පසුබිමක උතුරු කොරියාව විසින් මෙවැනි හමුදා සන්දර්ශන සංදර්ශන පැවැත්වීම යම්කිසි ආකාරයකට කලාපීය තර්ජනයක් එල්ල කරන බවට අසල්වැසි රාජ්‍යයන් මත පළ කරයි. ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙම සංදර්ශනය පෙබරවාරි 16 වන දිනට හෝ ඊට ප්‍රථම පවත්වීමට නියමිතයි.