ASEAN සංවිධානයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන නැගෙනහිර ටිමෝරය


ASEAN සංවිධානයට නැගෙනහිර ටිමෝරය එක්වීමට බලාපොරොත්තුවේ

.

ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo සහ නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති Jose Ramos-Horta අතර ජුලි 19 වන අඟහරුවාදා දින පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී   "ආසියාවේ ලාබාලතම රට එළැඹෙන වසරේදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට සම්බන්ධ වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව" ටිමෝරයේ ජනාධිපති ප්‍රකාශ කළේය .

 

"එමෙන්ම තම රජය කණ්ඩායමේ නවතම සාමාජිකයා වීමට අවශ්‍ය සියලුම සුදුසුකම් පූරණය කර ඇති බවත්, නැගෙනහිර ටිමෝරය කලාපීය කණ්ඩායමේ 11 වැනි සාමාජිකයා ලෙස පිළිගනිමින් 2023 වසරේ ASEAN හි සභාපතිවරයා ලෙස Widodo, ඔහුගේ කාර්යභාරය උපරිමයෙන් ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් " ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

 

එදිනම නායකයින් දෙදෙනා වෙළඳ සහ ප්‍රවාහන සහයෝගීතාව වැඩි කිරීමට එකඟ වූ අතර, යටිතල පහසුකම්, බැංකු, විදුලි සංදේශ මෙන්ම තෙල් නොවන අංශය ඇතුළු නැගෙනහිර ටිමෝරයේ සංවර්ධනයට දායක වන අංශ කීපයකටම සහභාගී වී Horta ගේ පරිපාලන භූමිකාව ශක්තිමත් කිරීමට ඉන්දුනීසියානු ජනපති Widodo මෙහිදී ප්‍රතිඥා දී තිබේ. 

 

ඉන්දුනීසියාවේ සංචාරය  අතරතුරදී ASEAN සංවිධානයේ මහලේකම් Lim Jock Hoi හමුවීමට Horta සැළසුම් කර ඇති අතර කලාපීය ගැටලු සහ ASEAN සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම වෙනුවෙන් තම රට සිදුකළ ඉල්ලීම පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත . අනතුරුව ඔහු විසින් ඉන්දුනීසියාවේ හිටපු ජනාධිපති Susilo Bambang Yudhoyono හමුවීමට සහ එරට විශ්ව විද්‍යාල තුනක ප්‍රසිද්ධ දේශන කීපයක් පැවැත්වීමටද නියමිත බව වාර්තා වේ.

90 Views

Comments