Hokkaido වෙරළට ඔබ්බෙන් අතුරුදන් වූ යාත්‍රාව සොයාගැනේ


ජලයේ අතුරදන් වූ සංචාරක යාත්‍රාව සොයාගැනේ

.

දින හයකට පෙර පුද්ගලයින් 26 දෙනෙකු සමඟ අතුරුදන් වූ 19-ton Kazu l , Hokkaido ඔබ්බෙන් වූ මුහුදු පතුලේ තිබියදී අද දින සොයා ගත් බව ජපාන වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේය. යාත්‍රාවේ සිටි මගීන්ගෙන් 12 දෙනකු තවමත් අතුරුදන්ව සිටින අතර සොයාගැනිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.  

 

සමුද්‍රීය ආත්මාරක්ෂක බලකාය විසින් Shiretoko අර්ධද්වීපයට ඔබ්බෙන් මුහුදු පතුලේ කැමරාවක් භාවිතයෙන් සිදු කළ  සෝදිසි කිරීමකින් පසුව අර්ධද්වීපයේ කෙළවරට නුදුරින් පිහිටි ජනප්‍රිය දර්ශනීය ස්ථානයක් වන Kashuni ඇල්ල ආසන්නයේ 100m පමණ ගැඹුරකදී පමණ Kazu l සොයා ගෙන තිබේ.  

 

රුසියානු දේශසීමා ආරක්ෂක ඒජන්සිය විසින් Hokkaido ඔබ්බෙන් වූ Kunashiri දූපතට බටහිර දෙසින් ජීවිතාරක්ෂක කබායක් සහිත පුද්ගලයකු ජලයේ ගසාගෙන යනු දුටු බවත් කුණාටු සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයා නොපෙනී යාම නිසා ගලවා ගැනීමට නොහැකි වූ බවත් දැනුම් දුන් බව වෙරළාරක්ෂක නිලධාරියෙකු සඳහන් කළේය.

137 Views

Comments