පෙම්වතිය ඝාතනය කිරීමට තැත්කළ පෙම්වතා අත්අඩංගුවට


ඔහු 31 හැවිරිදි පුද්ගලයෙකි.

.

හොක්කයිඩෝ ප්‍රාන්තයේ ඉවාමිසාවා ප්‍රදේශයේ පොලිසිය විසින් සිය හිටපු පෙම්වතිය ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සමාගමේ සේවකයෙකු වන ගෝකි යොෂිමොටෝ නම් මොහු රාත්‍රී 9.26 ට පමණ තම නිවසේ සිටි වයස අවුරුදු 30 ක හිටපු පෙම්වතියගේ මුහුණට කිහිප වතාවක්ම පහර දී ඇති බවයි.  

මෙම කාන්තාව රෝහල් ගත කර ඇති අතර ඇයගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව පොලිසිය පවසයි.

182 Views

Comments