ජපානයේ ඉහළ අහසේ පෑයූ දුර්ලභ සූර්ය ගෝලය


ජපානයේ ඉහළ අහසේ සූර්ය ගෝලයක් දිස්වේ

.

අප්‍රේල් 30 වැනි දින උදෑසන කාලයේ Fukuoka ප්‍රාන්තයේ සහ ජපානයේ අනෙකුත් ප්‍රදේශවල ඉහළ අහසේ සූර්ය ගෝලයක් ඇතිවී තිබෙන ආකාරය ජනතාවට දැක බලා ගැනීමට හැකි විය. 

 

දේදුන්නක් බඳු වන ආලෝක කවය Fukuoka නගරයේ Chuo Ward හි මෙන්ම Fukuoka ප්‍රාන්තයේ Itoshima නගරයේ සහ අසල්වැසි Saga ප්‍රාන්තයේ ඉහළ අහසේ පෙරවරු 11ට පමණ දක්නට ලැබිණි.

 

ඉහළ උන්නතාංශයේ වලාකුළු වල අයිස් ස්ඵටික මගින් හිරු එළිය පරාවර්තනය වන විට හා වර්තනය වන විට මෙලෙස සූර්ය ගෝලයක්  සෑදීම සිදුවේ.

117 Views

Comments