ඇමරිකාවේ ගුවන්තොටුපල තුළ 5G ජාලය ක්‍රියාත්මක වීම නිසා සංචාරක කටයුතු වලට ඇති වූ බාධක හේතුවෙන් ATT,Verizon ඔවුන්ගේ 5G ජාලය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන බව පසුගිය අඟහරුවාදා දින නිවේදනය කර තිබේ .
ආසන්නවම එම ප්‍රමාද කිරීම සිදුකර ඇත්තේ ඇමරිකාව තුළ විශාලතම හා ප්‍රධානතම ගුවන් යානා සමාගමක ප්‍රධාන විධායක නිලධාරී වරයෙකු විසින් මෙම 5G ජාලය දියත් කිරීම සංචාරක හා නාවික කටයුතු සඳහා මහත් ව්‍යසනකාරී සිදුවීමක් බව පැවසීමෙන් අනතුරුවයි.
ගුවන් යානා කර්මාන්තයට සම්බන්ධ නිලධරයන් විසින් ඉදිරි දින කිහිපය තුළදී තවත් තවත් ගුවන් ගමන් අවලංගු වීමට ඉඩ ඇතැයි පුරෝකථනය කර ඇති නමුත් ATT,Verizon විසින් හඳුන්වා දී ඇති ක්‍රියාපටිපාටීන් අනුගමනය කිරීමෙන් මතු විය හැකි විශාල ගැටලු වළක්වා ගත හැකි බව ඔවුන්ගේ අදහසයි .