පලමු සිව්වන COVID-19 එන්නත් මාත්‍රාවන් වැඩිහිටියන්ට සහ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයන් ඇති පුද්ගලයින්ට පමණක් ලබා දීමේ සැලැස්මක් ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශ මණ්ඩලයක් විසින් අනුමත කර තිබේ .
පුද්ගලයෙකුට මෙම Moderna සහ Pfizer එන්නත් තුන්වන එන්නත ගැනිමෙන් මාස පහකට පසුව ලබා ගත හැකි වේ. පළමු එන්නත් මාත්‍රා තුන මෙන් සිව්වන එන්නත් මාත්‍රාවද නොමිලේ ලබා ගත හැකි වන අතර අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් මෙන්ම රෝගී තත්ත්වයකින් පෙළෙන 18 හෝ ඊට වැඩි පුද්ගලයින් සිව්වන එන්නත සඳහා සුදුසුකම් ලබන පලමු පිරිසට අයත් වේ .
“අනාගත සාක්ෂි සහ ආසාදන තත්ත්වය දෙස බලන විට ආවරණයේ විෂය පථය අප විසින් පුළුල් ලෙස පරීක්ෂා කරන්නෙමු ” යනුවෙන් ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ ප්‍රධානී සහ මණ්ඩලයේ නායක Takaji Wakita මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමින් පැවසීය.