සංචාරය කල යුතුම වන ජපානයේ කුඩා දූපත් ත්‍රිත්වය


ජපානයේ දූපත් සංචාරකයන්ගේ වැඩි ආකර්ශණයක් දිනා ගනී

.

ජපානයට අයත්ව පවතින 6852 වූ දූපත් ප්‍රමාණය නිසා රට "ෂිමා-ගුනි" එනම් "දූපත් ජාතියක්" ලෙස හදුන්වනු ලැබේ . එම සංකල්පය මගින් සාපේක්ෂ හුදකලාව පිළිබඳ හැඟීම් අවධාරණය කෙරෙන බැවින් බොහෝ විදේශිකයන් සඳහා ජපානය අද්විතීය රටක් ලෙස සැලකේ. 

 

ජපාන ජනගහනයෙන් වැඩි පිරිසකට සත්කාරකත්වය සපයන ප්‍රධාන දූපත් හතර ලෙස Hokkaido, Honsu , Shikoku සහ Kyushu හැඳින්විය හැකිය. මෙහි කුඩා ජනාකීර්ණ දූපත් සිය ගණනක් ඇති නිසා එකකින් එකකට යාත්‍රා කිරීමේදී හුදකලාව සහ අද්විතීය සංස්කෘතිය පිළිබඳ හැඟීම වඩාත් පැහැදිලි වේ. 

 

ජපානය තුළ සංචාරකයින් විසින් නැරඹිය යුතුම දූපත් ත්‍රිත්වය අතරට Okinawa ප්‍රධාන දූපත ආසන්නයේ පිහිටි Tokashiki දූපත, Seto අභ්‍යන්තර මුහුදේ පිහිටා ඇති Sashima දූපත සහ Nagasaki ප්‍රාන්තයේ පිහිටි Ojika දූපත අයත් වේ. මෙම Ojika දූපත, kerama දූපත ලෙසද හැඳින්වෙන අතර විවෘත නිල් ජලය, සංස්කෘතික තේජස සහ ආකර්ශනීය ආගන්තුක සත්කාරය නිසාවෙන් මෙම දූපත් අසාමාන්‍ය හා ආකර්ෂණීය පාරාදීසයන් ලෙස සැලකේ.

89 Views

Comments