Utro ජාතියට අයත් කොරියානු ගායිකාවගේ උත්සහය


කොරියානු ගායිකාවක් තම මව් භූමිය වෙනුවෙන් ගීත ගායනා කරයි

.

තම උපන් නගරය වන Utoro දශක ගණනාවක වෙනස්කම්වලට එරෙහිව සටන් කරන භූමියක සිට සාමය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරන භූමියක් බවට පරිවර්තනය කිරීම ජපාන සමාජයට ඇතුළත් වීමට වඩාත් ප්‍රබල ලෙස තුඩු දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනවාර්ගික කොරියානු ගායිකාවක් වන Chong Ami සෙනසුරාදා පැවැසීය. 

 

වසර 10කට වැඩි කාලයක් ජපානයේ ප්‍රධාන නාට්‍ය කණ්ඩායමක් වූ Shiki Theatre සමාගමේ සාමාජිකාවක් වූ ඇය විසින් ඔවුන්ගේ උපන් ගම වන Utoro හි ඉතිහාසය විස්තර කෙරෙන බටහිර ජපානයේ Kyoto ප්‍රාන්තයේ Uji හි Utoro සාම අනුස්මරණ කෞතුකාගාරය විවෘත කිරීම වෙනුවෙන් පසුගියදා පැවැති උත්සවයකදී Arirang එනම් සුප්‍රසිද්ධ කොරියානු ජන ගීතය  ගායනා කළාය.

 

දෙවන ලෝක සංග්‍රාමයේදී එවකට ජපන් පාලනය යටතේ පැවති කොරියානු අර්ධද්වීපයේ ගුවන් තොටුපලක් ඉදිකරමින් සිටි කම්කරුවන් විසින් පිහිටුවන ලද ප්‍රජාවක් ලෙස Utoro ප්‍රජාව හැඳින්වේ .

142 Views

Comments